මහ බැංකු ආපනශාලා සේවකයෙකුටත් කොවිඩ්-19

නොවැ 21, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ආපන ශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

    ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ වෙතත්, මහ බැංකුවේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ද වාර්තා වේ.

    ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලු දෙනාම ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

    Latest News