බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු හා අධ්‍යක්ෂකරු තිදෙනෙක් අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහබැංකු බැඳුම්කර කොමිසමට විකෘති කරන ලද දුරකතන ඇමතුම් අඩංගු හඬ පටයක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ගොනු කර ඇති පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණ.

සේවක අර්ථසාධක අරමුදල මගින් එවනු ලබන බව අඟවමින්, සේවකයන් හා මූල්‍ය ආයතන වෙත ව්‍යාජ විද්‍යුත් ලිපි යැවීමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි.

සංචිත ඉහළ නැංවීම සඳහා විනිමය හුවමාරු පහසුකම යටතේ ඉන්දීය සංචිත බැංකුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දීමට එකඟතාව පළ කර තිබේ.

මහ බැංකු බැඳුම්කර වංචාවේ සෘජු අලාභය පිළිබඳ මෙතෙක් ගණනය කිරීමක් සිදුකර නොමැති බව, මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

Latest News