ගනු ලැබු සාධනීය ක්‍රියාමර්ග හේතුවෙන් වෙළඳ හිඟයේ කැපි පෙනෙන සංකෝචනයක් - ශ්‍රී ලංකා මහ බැංකුව

සැප් 06, 2022

    ගනු ලැබු සාධනීය ක්‍රියාමර්ග හේතුවෙන් 2022 ජුලි මාසයෙදී වෙළඳ හිඟය කැපි පෙනෙන සංකෝචනයක් පෙන්නුම් කර ඇතැයි, ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    එමගින් දේශීය විදේශ විනිමය වෙළඳපොළේ ආතතිය ලිහිල් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන්. 2022 ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ආන්තික ලෙස ඉහළ ගොස් වෙළඳ හිඟය ඉක්මවා පැවති අතර එමගින් දැඩි ගෙවුම්ශේෂ පීඩනය යටතේ විදේශ විනිමය ද්‍රවශීලතා තත්වයන්ට සහය වුණා. සංචාරක ඉපැයීම් ඉකුත් ජුලි මස වසරින් වසර  අඩු පදනම මත වැඩි වීමක් පෙන්නුම් කර තිබෙනවා. ජූලි මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළේ සහ කොළඹ කොටස් වෙළඳපොළේ විදේශ ආයෝජන ආන්තික ශුද්ධ ගලා‍ ඒමක් වාර්තා කළා. මහ බැංකු භාවිත කළ හැකි දළ නිල සංචිත මට්ටම අවසන් කරමින් අත්‍යවශ්‍ය ආනයන මූල්‍ය කරණය සඳහා විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව ලබා දී තිබෙනවා.

    Latest News