ණයපත් ඇතුළු ණය පොලී අනුපාත පහතට (වීඩියෝ)

අගෝ 20, 2020
  • ශ්‍රී ලංකා මහා බැංකුව ණයපත්‌ ඇතුළු පොලි අනුපාත 4 ක්‌ සඳහා උපරිම පොලි අනුපාතිකයන්‌ පණවා තිබෙනවා.

    ණයපත්‌(Credit Card) සඳහා උපරිම පොලි අනුපාතය 28% සිට 18% ක් දක්වා අඩුකර ඇත‌. පෙර සුදානම්‌ කළ තාවකාලික අයිරා සඳහා උපරීම පොලි අනුපාතය 16% ක් ලෙසත් උකස්‌ කිරීමේ පහසුකම්‌ සඳහා පොලි අනුපාතය 10% ක්‌ ලෙසත් පොලී අනුපාත පහත දමා ඇත.

    සාමාන්‍ය පොලි අනුපාතයට වඩා දඩ පොලි අනුපාතය සියයට 2 ලෙස දක්වා තිබේ.

    මහා බැංකුව විසින්‌ දේශීය ගෝලීය සාර්ව ආර්ථික හා මූල්‍ය වෙළඳපොළ සංවර්ධනයන්‌ අධීක්ෂණය කරනු ඇති අතර, ඉහළ වර්ධන මාවතකට යාමට ආර්ථිකයට සහය වීම සඳහා මෙම පියවර ගන්‌ බවයි, මහා බැංකුව සිය නිවේදනය මගින්‌ ප්‍රකාශයට පත්‌ කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 19:04

    Latest News