බද්දෙන් උඩට ගිය දේශීය බී ලූනු ගෙඩිය

සැප් 14, 2019

    ආනයනික බී ලූණු සඳහා බදු ඉහළ දැමීම හේතුවෙන් දේශීය බී ලූනු සඳහා මිලක් ලැබී තිබේ. මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී බී ලූනු කිලෝවක් සඳහා රුපියල් 105ත් 110ත් අතර ඉහළ මිලක් ලැබෙන බවයි, ගොවීන් පවසන්නේ.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ බී ලූනු වගා කර ඇති බිම් ප්‍රමාණය අක්කර 1,700ක්. ගැටලාව,කොකාවැව,කිවුලේකඩ හා මිහින්තලය යන ගම්මානවලින් සාර්ථක අස්වැන්නක් වාර්තා වී තිබේ. බී ලූනු මිල රුපියල් 85ක් දක්වා පහළ බැස තිබියදී, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දේශීය බී ලූනු ගොවියා ආරක්ෂා කිරීමට අවධානය යොමු විය.

    එහි ප්‍රතිපලයක් ලෙසයි, රජය ආනයනික බී ලූනු සඳහා බදු ඉහළ දැමුවේ. ඉන් ආනයනික බී ලූනු තොග ගෙන්වීම අවම වීම හේතුවෙන් දේශීය බී ලූනු වෙළෙඳපොළ තුළ ඉහළ මිලක් ලැබී තිබේ. රජය ගත් පියවර පිළිබඳ ගොවීන් සිය ප්‍රසාදය පළ කරයි.

     

     

    Last modified on සෙනසුරාදා, 14 සැප්තැම්බර් 2019 11:11

    Latest News