අක්කර ලක්ෂයක් වන ලංකාවේ මුළු පුරන් කුඹුරු ප්‍රමාණයෙන් යල කන්නය වෙනුවෙන් අද දින ගොවිජන සේවා මධ්‍යස්තාන 320ක පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීම අරඹන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ආනයනික බී ලූණු සඳහා බදු ඉහළ දැමීම හේතුවෙන් දේශීය බී ලූනු සඳහා මිලක් ලැබී තිබේ. මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී බී ලූනු කිලෝවක් සඳහා රුපියල් 105ත් 110ත් අතර ඉහළ මිලක් ලැබෙන බවයි, ගොවීන් පවසන්නේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ යල කන්නයේ දී වගා හානි වූ ගොවීන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීම ඊයේ කෙරිණ.

Latest News