මහකන්නයේ වී මිලදී ගැනීම සාර්ථකව

පෙබ 13, 2020

    මහකන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසයි.

    මුල් අදියර සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3,830ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී මිලදී ගැනීම මහව කලාපයෙන් ඊයේ ආරම්භ කෙරිණ. වී අලෙවි මණ්ඩලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා කුඩා හා මහා පරිමාණ වී මෝල් හිමියන්ගෙන් වී මිලදී ගැනෙයි. ඒ සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 250ක්.

    දිස්ත්‍රික්කයේ අපේක්ෂිත වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික්ටොන් තුන්ලක්ෂ පනස්දහසක්. මෙම කන්නයේ සිට වී කිලෝග්‍රෑම් 1ක් රුපියල් 50ක අවම මුදලකට මිලදී ගැනීමටයි රජය පියවර ගෙන ඇත්තේ. පසුගිය වසරවල නාඩු වී කිලෝග්‍රෑම් 1ක් රුපියල් 38කටද, සම්බා වී කිලෝ එකක් රුපියල් 41කට මිලදී ගනු ලැබීය.

    නමුත් මෙම කන්නයේ සිට සම්බා සහ නාඩු දෙවර්ගයම රුපියල් 50කට මිලදී ගැනීමටයි තීරණය කර ඇත්තේ. තෙමනය සියයට 14කට වැඩි වී මිලදී ගැනීමට ද රජය තීරණය කර තිබේ. ඒ අනූව 22% දක්වා තෙතමනය සහිත වී කිලෝ එකක් සඳහා රුපියල් 44ක මිලක් නියම කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 පෙබරවාරි 2020 09:34

    Latest News