යල කන්නයේ වගා හානි වෙනුවෙන් වන්දි

අගෝ 31, 2019

    පුත්තලම දිස්ත්‍රික්කයේ යල කන්නයේ දී වගා හානි වූ ගොවීන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීම ඊයේ කෙරිණ.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සංවිධානය කරණ ලද මෙම වන්දි ප්‍රදානයේ දී  1442 කට වන්දි මුදල් පිරිනැමිණ.

    මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර,හෙක්ටර් අප්පුහාමී, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිළධාරින් පිරිසක් සහභාගී විය.

    මෙහිදී පසුගිය රජයන් ලබා දුන් අක්කරයකට රුපියල් 10000/= මුදල වෙනුවට, අක්කරයකට රුපියල් 40000 මුදලක් ලබා දුන්නේය.

     

     

    Last modified on සෙනසුරාදා, 31 අගෝස්තු 2019 08:03

    Latest News