සංචාරක පැමිණීමේ 70.8%ක වර්ධනයක්

සැප් 05, 2019

    ඉකුත් අගෝස්තු මාසයේ දී සංචාරකයින් එක් ලක්ෂ හතළිස් තුන් දහසකට අධික පිරිසක් මෙරට පැමිණි බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    එය, පසුගිය ජුලි මාසයට වසා 27,486ක වැඩිවීමක් බවයි, එම අධිකාරිය පවසන්නේ. අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරකයන්ගේ පැමිණීමේ ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබිණ. එම තත්වය තුළ සංචාරකයන්ගේ පැමිණීම 70.8%කින් පහළ වැටුණු බවයි, එම අධිකාරිය පෙන්වා දෙන්නේ.

    මෙය සංචාරක කර්මාන්තයේ සුබ ලකුණක් බව එහි සභාපති යොහාන් ජයරත්න මහතා පවසයි. සංචාරකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව,එක්සත් ජනපදය,ස්පාඤ්ඤය,කැනඩාව යන රටවලින්. සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයත් සමඟ සංචාරක මග පෙන්වන්නන් ඇතුළු එම ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවල ද ආදායම ඉහළ ගොස් තිබේ. ඉදිරියේ දී මීටත් වඩා සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් බලාපොරොත්තු වන බවයි, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 07:29

    Latest News