icc

සංචාරකයන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

ජන 22, 2020

    ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ.

    සංචාරක පොලිසීය, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වැනි ඊට අදාළ ආයතන සමග සාකච්ඡා කර මෙම වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    සංචාරක පොලිස් ස්ථාන 20කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට දිවයින පුරා පිහිටුවා ඇත.

    අනුරාධපුර, පොළොන්නරුව, නුවර, සීගිරිය වැනි සංචාරතයන් බහුලව ගැවසෙන ප්‍රදේශවල මෙම සංචාරක පොලිස් ස්ථාන පිහිටුවා තිබේ.

    මීට අමතරව තවත් සංචාරක පොලිස් ස්ථාන 14 ක් පිහිටුවීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පවසයි.

    පානදුර, කළුතර,දඹුල්ල, කල්පිටිය වැනි සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව මෙම නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීම සුදුසු බවට යෝජනා වී තිබේ.

    නව රජය බලයට පත්වීමත් සමග මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

    පසුගිය දෙසැම්බර් මාසයේ දී සංචාරකයන් 241,663 ක් මෙරටට පැමිණ ඇතැයි, සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා පෙන්වා දෙයි.

    දෙසැම්බර් මාසයේ දී මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත්තේ ඉන්දියාව, එංගලන්තය, රුසියාව, චීනය වැනි රට වලිනි. 

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 09:27

    Latest News