ශ්‍රි ලන්කන් මාස 09 ක ප්‍රගතියක්

ජන 23, 2019

    ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගිය වසරට සාපේක්ෂව 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09 ක තුළ එහි කාර්ය සාධනය ඉහළ නැංවීමට සමත්ව තිබේ.

    ඒ අනුව ගුවන් යානා යෙදවීම ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන ආදායම, වෙළඳ පොළ ආදායම සහ ඒකක පිරිවැය යනාදියෙහි සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.

    ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම, දේශීය හා කලාපීය රටවල මුදල් වේගවත් ලෙස අවප්‍රමාණය වීම සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් 2018 වසරේ ගුවන් සමාගමට ඉතා අභියෝගාත්මක වසරක් වු බව ශ්‍රි ලංකන් ගුවන් සමාගම කියා සිටි. එම අහිතකර බාහිර සාධක හමුවේ ඵලදායී ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරමින් ගුවන් සමාගම විසින් විශාල ආදායමක් පෙන්නුම් කළේය.

    මෙම කාල පරිච්ජේදය තුළ ප්‍රධාන ගුවන් සේවා මෙහෙයුම් වලින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශුද්ධ ප්‍රවාහන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 746 (රුපියල් බිලියන 120) දක්වා වර්ධනය වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක වර්ධනයකි. ඵලදායි ගුවන් යානා මෙහෙයුම් යෙදවීම, ගුවන් ගමන් වාර ක්‍රමවත්ව මෙහෙයුම් සඳහා භාවිත කිරීම මගින් සමස්ත ආසන ධාරිතාව (Available Seat Kilometers) 6.5% වැඩිදියුණු විය.

    විශේෂ කාලසීමාවේ දී ලන්ඩන්, මෙල්බන්, ඩුබායි, අබුඩාබි, දෝහා සහ දිල්ලිය වැනි වෙළඳපොළවල් සඳහා ගුවන් ගමන් වාර වැඩි කිරීමෙන් එම මාර්ගවල කාර්ය සාධනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එය කාර්යක්ෂම සහ සාර්ථක උපාය මාර්ගික ක්‍රියාමාර්ගයක් බවට බවට පත්විය.

    ගුවන් සමාගම සංචාරක ව්‍යාපාරය වර්ධනය සඳහා සිය කැපවීම නැවත තහවුරු කරමින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කලේය. ඕස්ට්‍රේලියාව 2018 වසරේ දී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙන ගමනාන්ත අතරින් 5 වැනි ස්ථානයට පත්වීමට එය හේතු විය. සත්‍ය වශයෙන්ම, මෙල්බර්න් වෙත ශ්‍රීලංකන් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් පසු පළමු මාස 12 තුළ ඕස්ට්‍රේලියානු සංචාරකයින්ගේ පැමිණීම 36% කින් වර්ධනයක් පෙන්නුම් කළේය.

    ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි අන්තර්ජාල සෘජු විකුණුම් මාර්ග ජාලය වන www.srilankan.com වෙබ් අඩවිය මගින් සමස්ත ජාලයේ මගී ආදායමෙන් 14% ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය. ගුවන් සමාගම විසින් වසර දෙකක් තුළ අන්තර්ජාලයේ සෘජු විකුණුම් දායකත්වය දෙගුණ කිරීමට බලාපොරොත්තු වේ. එම මාස නවය තුළ සමාගම ගෙන යන ලද මුළු මගීන් සංඛ්‍යාවෙන් (0.3%) ක සුළු අඩු වීමක් තිබුණද, සමස්ත ආසන සාධකය අනුව (network-wide seat occupation) යොදවා ඇති ධාරිතාවේ ප්‍රතිශතය 82% කි. මගී කිලෝ මීටරයක් සඳහා වු ගුවන් මගී අදායම පසුගිය වසරට වඩා 1.6% කින් වැඩි විය.

    මෙම කාලපරිච්චේදය තුළ ඉන්ධන මිල ඉහළ යාමෙන් මෙහෙයුම් පිරිවැය වැඩිවීමෙන් අපේක්ෂිත ඉලක්කයන් යටපත්විය. සමස්ත මෙහෙයුම් පිරිවැය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 902 ක (රුපියල් බිලියන 147) පසුගිය වසරට සාපේක්ෂව 15% ක වැඩිවීමකි. ගුවන් යානා ඉන්ධන මිල වැඩිවීම නිසා ඇති වූ බලපෑම් ඇමරිකානු ඩොලර් මිලියන 66 ක් විය. තවද A321Neo ගුවන් යානා එකතු කිරීමෙන් ගුවන් යානා නඩත්තු පිරිවැය හා ගුවන්යානා ලීසිං වියදම වැඩිවීමක් මෙම කාලය තුළ සිදුවිය.

    ගෙවීම් බොහොමයක් ඇමරිකානු ඩොලර් මුදල් ඒකක මගින් සිදුකිරීම හේතුවෙන් සහ 2018 වසරේ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය අවප්‍රමාණය වීම නිසා මෙහෙයුම් පිරිවැය අපේක්ෂා කළ අගයට වඩා ඉහළ ගියේය. අවසන් මාස නවය සඳහා වූ පොලී වියදම ඇමරිකානු ඩොලර් මිලියන 47 ක් වූ අතර ගුවන් යානා සම්බන්ධ ගෙවීම් සඳහා පැනවූ රඳවාගැනීමේ බදුවල (Withholding Taxes on aircraft related payments) ඍණාත්මක බලපෑම ඇමරිකානු ඩොලර් මිලියන 23 ක් වන අතර, එය ධනාත්මක ප්‍රතිඵල වලට අහිතකර ලෙස බලපාන ලදී.

    ගුවන් යානා සම්බන්ධ ගෙවීම් සඳහා පැනවූ රඳවාගැනීමේ බදු වලින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය දැනට කටයුතු සළසමින් ඇත. පාලනය කළ හැකි පිරිවැය ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට ගුවන් සමාගමේ කැපවීම මැනවින් විදහා දක්වමින් අතර එය පසුගිය වසරට සාපේක්ෂව වාණිජ හා පරිපාලනය වැනි අනෙකුත් අංශයන්හි පොදු වියදම් අඩු කිරීමකි. ඉන්ධන හා පොලී පිරිවැය හැරුණු විට පවත්නා ආසන කිලෝමීටරයක් සඳහා පිරිවැය(Cost per Available Seat Kilometer – CASK) 3% කින් අඩු විය.

    අවසන් මාස නවය සඳහා වූ ශුද්ධ අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 135 (රුපියල් බිලියන 40) වූ අතර පසුගිය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය සඳහා වූ අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 66 කි. (රුපියල් බිලියන 11) ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි කළමණාකාරීත්වය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් රජය වෙත ඉදිරිපත් කර ඇති අතර එමගින් ඉදිරි වසර 3 ක කාල සීමාව තුළ ගුවන් සේවය ක්‍රමවත්ව නගාසිටුවීම පිළිබඳ අවධානය යොමු කරන ඇත. වියදම අවම කිරීම හා ආදායම වැඩි කිරීම, අධි ඉන්ධන සැකසුම් ගාස්තු සහ විවිධ වියදම් අවම කර ගැනීම වැනි කළමනාකරණය විසින් හඳුනාගෙන ඇති සැලැස්ම මේ වන විට රජය වෙත ඉදිරිපත් කර තිබේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ 2019 වසර ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ වර්ෂය වනු ඇති අතර 2018 වසරේ දෙවන භාගය තුළ කළමණාකරණ ක්‍රියාකාරකම් ධනාත්මක ප්‍රතිඵල පෙන්වීමට අපේක්ෂා කරන බවයි. ඵලදායී ධාරිතාවක් යෙදවීම තුළින් ආදායම් වැඩිදියුණු කිරීම සහ ගුවන් ගමන් තිරසාර මූල්‍ය ශක්‍යතාවය කරා යොමු කර වියදම් අඩු කිරීමේ උපාය මාර්ගික ක්‍රියාමාර්ග ගැනීමට කළමනාකාරිත්වය අඛණ්ඩව අවධානය යොමු කරනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on බදාදා, 23 ජනවාරි 2019 19:57

    Latest News