එක්සත් ජාතින්ගේ සාම සාධක කටයුතු සඳහා හමුදා නිලධාරීන් පිරිසක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළින් දකුණු සුඩානය බලා පිටත්ව ගොස් තිබේ.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව සිදුකළ පර්යේෂණ මගින් තමන් නිපදවූ එන්නත සීයයට 94.5 ක ඵලදායීතාවයක් පෙන්නුම් කරන බව පර්යේෂණ සිදුකරන අමෙරිකාවේ Moderna සමාගම නිවේදනය කර සිටිනවා.

යුරෝපා රටවල් රැසක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා දෙවැනි රැල්ලට සමගාමීව ඉකුත් පැය 24 තුළ ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තාවේ.

2021 වසරේ ශීත සෘතුව වන විට ලෝකවැසියන්ට තම සාමාන්‍ය ජනජීවිතයට අනුගත විය හැකි බව වයිරසයට එරෙහි දැනට සාර්ථකම එන්නත අත්හදා බලන ෆයිසර් – බයෝටෙක් සමාගම් නිවේදනය කරනවා.

ගගනගාමීන් සිව් දෙනෙකු රැගත් "ස්පේස් එක්ස්" (Space X) යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත් ව ගොස් තිබේ.

සමීප පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අගමැති බොරිස් ජොන්සන් නැවතත් ස්වයං නිරෝධායනයට ලක් වී ඇති බව වාර්තාවේ.

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර, එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්ග්හැම් ඊයේ (15) ඊට අත්සන් තැබීමට නියමිති.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ් - 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීයව මියගිය ගණන ඊයේ (15) පස්වරු වනවිට 1,313,471 ක් ලෙස දැක්විණි.

ඊසාන දිග රුමේනියාවේ කොරෝනා ආසාදිතයන් රඳවා සිටින රෝහලක හටගත් ගින්නකින් රෝගීන් 10ක් මියගොස් තිබේ.

ට්‍රම්ප්ගේ දියණිය වන ඉවංකා ට්‍රම්ප් සිය දරුවන් තිදෙනා ඊයේ පාසලෙන් ඉවත් කරගෙන තිබේ.

කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන යුරෝපා කලාපයට අයත් ඔස්ට්‍රියාව ද ඒළඹෙන අඟහරුවාදා සිට දෙසතියක් මුළුමනින්ම වසා දැමීමට පියවර ගන්නා බව ඒරට චාන්සලර් සෙබස්තියන් කුර්ස් පවසයි.

ආසියානු කලාපයේ ඉන්දියාවට පසු, වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඉරානයයි.

අමෙරිකාවේ ඉකුත් දිනවල පැවති ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක රැලි හේතුවෙන් ඒරට තුළ කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වී තිබේ.

ලොවපුරා ඉකුත් පැය 24 තුළ කොරෝනා නව ආසාදිතයන් පන් ලක්ෂ 75,000කට අධික පිරිසක් හඳුනාගෙන තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවලට අනුව අවසන් පැය 24 දී ගෝලීයව නව කොරෝනා වයිරස ආසාදිතයන් 666,000ක් හඳුනාගෙන ඇති අතර අවසන් පැය 24 දී ලොව නන්දෙසින් වාර්තාවී ඇති වයිරස ආසාදිත මරණ ගණන 11,617කි.

ලිබියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් හැත්තෑ හතර දෙනෙකු මියගියා.

මියන්මාර මහ මැතිවරණයේ ජය අවුන්සාන් සුඛීගේ පක්ෂයට හිමිව තිබෙනවා.

ඉන්දීය හා පාකිස්තාන හමුදා අතර ඊයේ සිදුවූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියන් 10 දෙනෙක් මියගොස් තිබේ.

අමෙරිකාව තුළ ඊයේ (12) රාත්‍රියේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබූ TikTok තහනම එරට වාණිජ්‍ය දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා තිබේ.

සමස්ත ගෝලීය කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව,පන්කෝටි තිස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

Latest News