ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණයක් ඉල්ලා විරෝධතාවක්

මාර් 09, 2021

    පොලිස් ප්‍රචණ්ඩත්වය හමුවේ ජීවිතය අහිමිවූ අමෙරිකානු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඊයේ විරෝධතාවක් පැවැත්විණ.

    විරෝධතා පැවැත්වුණේ,මිනෙපොලිස් ප්‍රාන්තයේ දී.

    ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරියාට එරෙහි නඩු විභාගය මේ මස ආරම්භ වීමට නියමිතයි. විරෝධතා පැවැත්වුණේ, නඩු විභාගයට සමගාමීවයි.

    ඩෙරික් චව්වින් නමැති එම පොලිස් නිලධාරියාට වි‍රුද්ධව මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වී තිබේ. විරෝධතාකරුවන් පවසන්නේ, පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව මෙතෙක් පැවති කිසිඳු නඩු විභාගයකින් වින්දිතයන්ට නිසි ලෙස සාධාරණය ඉටු නොවූ බවයි.

    Last modified on අඟහරුවාදා, 09 මාර්තු 2021 09:50

    Latest News