කාබන් විමෝචනය අවම කිරීමට කටයුතු කරන්නැයි, ඉල්ලීමක්

මාර් 09, 2021

    කාබන් විමෝචනය අවම කිරීමට කටයුතු කරන ලෙස ගෝලීය කාබන් විමෝචනය වැඩි රටවල්වලින් අමෙරිකාවේ දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජිත ජෝන් කෙරී ඉල්ලා සිටියි.

    ඔහු මේ බව සඳහන් කළේ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජෝන්සන් හමුවීමෙන් අනතුරුවයි. ඉදිරියේ දී පැවැත්වෙන ගෝලීය දේශගුණික සමුළුවට පෙර ඔහු මෙම හමුව සිදු කළේය. ගෝලීය කාබන් විමෝචනයෙන් සියයට 81ක් සිදු කරනු ලබන්නේ රටවල් 20ක් විසින්.

    දේශගුණික විපර්යාස වැළැක්වීම සදහා මෙම රටවල් 20 ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් බවයි, ජෝන් කෙරී පෙන්වා දෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 09 මාර්තු 2021 09:49

    Latest News