රෝවරය මෙහෙයුම් අරඹයි

මාර් 06, 2021

    අමෙරිකාවේ නාසා ආයතනය,අඟහරු වෙත යවා ඇති රෝවරය මෙහෙයුම් ආරම්භ කරමින් පළමු මීටර 6.5ක දුර සම්පූර්ණ කර තිබේ.

    රෝවරයේ ධාවනය ආරම්භ කර ඇත්තේ, අඟහරු වෙත ගොඩ බැස්සවීමෙන් සති දෙකකට පසුවයි. රෝවරය හා පාලක පරිගණකය අතර සම්බන්ධතා ක්‍රියාත්මක කිරීම නාසා ඉංජිනේරුවන් පියවර ගෙන තිබේ.

    එම සන්නිවේදන උපකරණ පණගැන්වීමෙන්, රෝවරය සහ රොබෝ ඇතුළු සංකීර්ණ පද්ධතිය ක්‍රියාත්මක කෙරිණ.

    සියලු උපකරණ සක්‍රීය කිරීමෙන් පසු ඉකුත් අඟහරුවාදා රෝවරය ක්‍රියාත්මක කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    Last modified on සෙනසුරාදා, 06 මාර්තු 2021 13:23

    Latest News