ඉබෝලා වසංගතයෙන් 9ක් මරුට

මාර් 07, 2021

    ඉබෝලා වසංගතය හිස ඔසවා ඇති ගිනියා රාජ්‍යයේ 1,600කට පමණ ඉබෝලා එන්නත ලබාදීම මේ වනවිට ක්‍රියාත්මක වේ.

    එරට තුළ ඉබෝලා වෛරසය ව්‍යාප්ත වන නවතම රැල්ල හරහා දැනටමත් පුද්ගලයන් නව දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබේ. කෙසේ වෙතත්, මේ රෝගය පාලනය කිරීම සඳහා වැඩි ජිවිතාරක්‍ෂක එන්නත් ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    අද වනවිට බටහිර අප්‍රිකානු කලාපයේ රටක් වන ගිනියා රාජ්‍යයෙන් ඉබෝලා රෝගීන් 14ක් වාර්තා වී තිබේ. අවසන් වරට ගිනියා රාජ්‍යයෙන් ඉබෝලා වෛරසය පැතිරී ගියේ 2014 වසරේදී.

    අසල්වැසි රටවල් වන ලයිබීරියාවේ සහ සියරා ලියෝන් දක්වා ද එවර ඉබෝලා වසංගතය පැතිර ගියේය. කෙසේ වෙතත්, ප්‍රථම වරට ඉබෝලා වෛරසය හඳුනාගත් 1976 වසරේ පටන් ලොව පුරා රටවලින් ආසාදිතයින් 28,000ක් හඳුනාගත් අතර, මරණ 11,000ක් සිදුව තිබේ.

    Latest News