සෝමාලියාවේ බෝම්බ ප්‍රහාරයකින් 20ක් මරුට

මාර් 06, 2021

    සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂූ හි වරාය අසළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙක් මියගොස් තිබේ.

    තවත් 30 දෙනෙක් බරපතල තුවාල ලැබීය. පිපිරීමෙන් පසු දුමාරයක් පැතිරගොස් ඇත් අතර වෙඩි තැබීමක් ද සිදුවී ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කළේය. ලුල් යමානි නම් අවන්හල ඉදිරිපස දී මරාගෙන මැරෙන පුද්ගලයෙක් ත්‍රී රෝද රථයක පුරවාගත් පුපුරනද්‍රව්‍ය මෙසේ පුපුරවා හැර තිබේ.

    පොලීසිය එම ප්‍රදේශය වටලනු ලැබ ඇති පිපිරුමේ වගකීම මෙතෙක් කිසිවෙක් බරාගෙන නොමැත.

    Last modified on සෙනසුරාදා, 06 මාර්තු 2021 13:22

    Latest News