සමස්ත ගෝලීය කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව,පන්කෝටි තිස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මගී නෞකා තුළ ද නැවතත් කොරෝනා වෛරස පොකුර ඉස්මතු වීමේ අවදානමක් මතුව ඇතැයි,විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

අමෙරිකා ජනාධිපතිවරණයේ අක්‍රමිකතා විමර්ශනය කිරීමට ඒරට නීතිපතිවරයා අවසර ලබා දී තිබෙනවා.

ඉතාලියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ. ඉකුත් සඳුදා සිට,දෛනිකව නව රෝගීන් 35,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම විශේෂත්වයක්. ඉතාලියේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට දස ලක්ෂ විසි අට දහස ඉක්මවා ගොස් ඇත.

ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති ලෙස සැළකෙන බහරේනයේ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මියගොස් තිබේ.

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර කොරොනා වසංගතය උච්චතම තත්ත්වයට පත් වෙයි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 50,000 පසුකර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ලැජ්ජාවට කරුණක් බව ජෝ බයිඩන් පවසයි. මේ අතර ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් දෙවැනි පරිපාලන කාලයකට සුමට සංක්‍රාන්තියක් සිදුකරනු ඇති බවට,අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පයෝ මතභෝදාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්.

රුසියානු සාම සාධක භටයන් අසර්බයිජාන් - ආර්මේනියා ගැටුම්වලට තුඩු දී ඇති නාගොර්නෝ කරබාක් කලාපය වෙත පිටත්ව ගොස් තිබේ. මාසයකට අධික කාලයක් දෙරටේ පවතින යුද ගැටුම් මුළුමණින්ම අවසන් කිරීම අරමුණයි.

වෛරසයට සාර්ථක එන්නතක් බවට ඊයේ ඉදිරිපත් කෙරුණු ෆයිසර් - බයෝ එන්ටෙක් එන්නත සහ අඛණ්ඩ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තුළින් කො‍රෝනා වෛරසය අවසන් කිරීමේ හැකියාව පවතින බවට තමා විශ්වාස කරන බව අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසයි.

කොරෝනා වෛරසය සදහා 99%කට වඩා ඵලදායී එන්නතක් පර්යේෂණ මට්ටමින් සාර්ථකවී තිබේ. එය අත්හදා බලා ඇත්තේ, අමෙරිකානු ඖෂධ සමාගමක් වන ෆයිසර් සමාගමයි.

ගෝලීය කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට පන්කෝටි 12 ලක්ෂ 32,000 ඉක්මවා ගොස් තිබේ.

ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් මාර්ක් එස්ෆර් තනතුරෙන් පහ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ආසියානු රටවල් කිහිපයකට තම රටට ඇතුළුවීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සළකා බලන බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කරනවා.

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර කොරොනා වසංගතය උච්චතම තත්ත්වයට පත් වෙයි.

ජපානයේ ෆුමිහියෝ කුමරු එරට සිංහාසනයේ මීළඟ උරුමකරුවා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

කොරෝනා වෛරසය රටින් තුරන් කිරීම තම මූලික අභිප්‍රාය බව අමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් ජෝ බයිඩන් පවසයි.

කොරෝනා වෛරසය එහි අමිහිරිම සංධිස්ථානය වෙත ළාගාවන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වෙත ළගාවන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අමෙරිකාවේ නොකඩවා දින 4ක් ඇතුළත දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂය බැගින් වාර්තා විය.

අද වන විට සමස්ත ගෝලීය කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව පන් කෝටි හත් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

අද වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්ම වූ පළමු රට බවට අමෙරිකාව පත්වී තිබෙනවා.

Latest News