කොරෝනා මූලාරම්භය ගැන පරීක්ෂණ වාර්තා ළගඳීම

මාර් 06, 2021

    කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීමේ පරීක්ෂණ වාර්තාව මේ මස නිකුත් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    චීනයේ වූහාන් හා ආශ්‍රිත ප්‍රදේශවල පරීක්ෂණ අවසන් බවයි, එම සංවිධානයේ අධ්‍යක්ෂ ටෙඩ්රස් ආදනම්ස් ප්‍රකාශ කරන්නේ.

    වෛරසය චීනය විසින් නිෂ්පාදනය කරන ලද්දක් බවට අමෙරිකාවෙන් හා බ්‍රිතාන්‍යයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    වෛරසය මිනිසා විසින් නිපදවන ලද්දක් ද නොඑසේ නම් යම් ප්‍රදේශයක දී බිහිවූවක් ද යන්න පිළිබඳ විශේෂයෙන් සොයා බැලේ. කොරෝනා වෛරසයේ මූලාරම්භය හෙළි කර ගැනීමට හැකි වුවහොත්, ඉදිරියේ දී ගෝලීය වශයෙන් ඇති විය හැකි වසංගත තත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 06 මාර්තු 2021 13:22

    Latest News