අමෙරිකා සහ යුරෝපා සංගමයේ නව සම්බාධක වලට රුසියාව එරෙහිවෙයි

මාර් 04, 2021

    රුසියානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් Dmitry Peskov මහතා ඊයේ (3) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ඇමරිකාව සහ යුරෝපා සංගමය විසින් රුසියාවට පනවා ඇති නව වටයේ සම්බාධක රුසියාව සහ බටහිර රටවල් අතර සබඳතා තවදුරටත් විනාශ කර ඇති බවයි.

    එය රුසියාවේ අභ්‍යන්තර කටයුතු වලට සෘජු මැදිහත්වීමක් වන අතර රුසියාව ඒ සම්බන්ධයෙන් ප්‍රති පියවර ගනු ඇතැයි හෙතෙම පැවසීය.

    රුසියාවේ ඉහළ පෙළේ නිලධාරීන් 7 දෙනෙකුට සහ සමාගම් 14 කට සම්බාධක පනවන බව පසුගිය දෙවැනිදා ඇමරිකානු රජය නිවේදනය කළේය.

    මීට අමතරව, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඇමරිකානු අපනයන හා ආනයන බැංකුව ඇතුළු රාජ්‍ය මූල්‍ය ආයතන රුසියාවට ණය මුදල්, ණය ඇපකර හෝ වෙනත් මූල්‍ය ආධාර සැපයීම තහනම් කරන බවයි.

    එමෙන්ම, රුසියානු පුරවැසියන් 4 දෙනෙකුට සම්බාධක පනවන බව යුරෝපා සංගමය නිවේදනය කර තිබේ.

    Latest News