ජෝ බයිඩන්ගේ කොවිඩ් සහන සැලැස්ම අනුමතයි

මාර් 07, 2021

    අමෙරිකානු ජනාධිපති ජේ බයිඩන් ඉදිරිපත් කළ ඩොලර් ට්‍රිලියන 1.9ක කොවිඩ් සහන සැලැස්ම අමෙරිකානු සෙනෙට් සභාව අනුමත කර තිබේ.

    පැය 12ක විවාදයකින් පසු එම අනුමැතිය හිමිවූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එමඟින් අමෙරිකාවේ වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක වීමේ හැකියාවක් පවතින බව ජේ බයිඩන් පවසයි.

    කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, බිඳවැටී ඇති ව්‍යාපාර ශක්තිමත් කිරීම, සෞඛ්‍ය අංශවලට සහන ලබාදීම ඇතුළු කරුණු රැසක් සඳහා සහන සැලැස්ම ක්‍රියාත්මකයි.

    Latest News