මියන්මාරයේ විරෝධතාවලට එල්ල වූ ප්‍රහාරවලින් 54 ට වැඩි පිරිසක් මරුට

මාර් 05, 2021

    මියන්මාරය විරෝධතාවලට එල්ල වූ ප්‍රහාරවලින් මේ වන විට 54 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මියගිය පිරිස තවත් බෙහෙවින් වැඩි විය හැකි බවයි. ඉකුත් බදාදා පමණක් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සාමාන්‍ය ජනතාව සිදුකරන සාමකාමී විරෝධතාවයන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂල් බැෂලේ මියන්මාර හමුදා පාලකයින්ගෙන් ඉල්ලා සිටියා.

    මියන්මාරයේ ඉකුත් පෙබරවාරි මස පළමුවැනි දින සිදුවූ හමුදා කුමන්ත්‍රණයක් සමග මේ වන විට එරට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා සිටිනවා.

    Latest News