බ්‍රිතාන්‍ය රාජකීය පවුල සමඟ ගෙවූ ජිවිතය ඉතා දුෂ්කරයි; මේගන්

මාර් 08, 2021

    බ්‍රිතාන්‍ය රාජකීය පවුල සමඟ තමා ගෙවූ ජිවිතය ඉතා දුෂ්කර වූ බව, හැරී කුමරුගේ බිරිඳ, මේගන් මාර්කල් පවසා තිබේ.

    ඔෂ්රා වින්ෆ්රේ සමඟ පැවති රූපවාහිනි සම්මුඛ සාකච්ජාවකදී ඇය මේ බව ප්‍රකාශ කළාය. බ්‍රිතාන්‍ය රජ පවුල සමඟ කාලය ගත කරන විට තවදුරටත් ජීවත්වීම ද අවශ්‍ය නැතැයි යන හැඟීමක් තමාට දැනුණු බව, මේගන් කුමරිය පවසන්නීය.

    තවද, රජ පවුලේ අයෙක් ඔවුන්ගේ පුතු ආචිගේ සම කෙතරම් කළුවෙයිද යනුවෙන් හැරී කුමරුගෙන් අසා තිබූ බව දැන ගැනීමෙන් පසුව තමා මානසිකව ඉතා දුර්වල තත්වයකට පත් වූ බව ද මේගන් කුමරිය මාධ්‍ය වෙත සඳහන් කළාය.

    මේ හේතුන් මත 2020 මාර්තු මාසයේ දී හැරී කුමරු සහ පුතු ආවි සමඟ තමා බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත්වීමට පියවර ගත් බව මේගන් මර්කල් වැඩිදුරටත් පවසා ඇත.

    Last modified on සදුදා, 08 මාර්තු 2021 20:02

    Latest News