ගෝලීය ‍ආසාදිතයින් දෙකෝටි 95 ලක්ෂ 93,000 ඉක්මවයි

මාර් 06, 2021

    බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි යුරෝපා රටවලින් මේ වන විට කොරෝනා ආසාදිතයින් තිස් ලක්ෂය බැගින් වාර්තා වී තිබේ.

    මේ වන විට ඉතාලියෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තිස් ලක්ෂය ඉක්මවා ගොසින්.

    එරට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව විසි දහසකට අධිකයි. ඉතාලියේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද අනූ නව දහස ඉක්මවා ගොස් තිබේ.

    ගෝලීය වශයෙන් ලොව වැඩිම කොවිඩ් මරණ වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එරට අද වන විට කොරෝනා මරණ පන් ලක්ෂ තිස් පන් දහස ඉක්මවා ගොස් තිබේ.

    ගෝලීය සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි අනූ පන් ලක්ෂ අනූ තුන් දහසකට වැඩි බවයි, වාර්තා වන්නේ.

    Latest News