නිදහස ලැබූ ලූලා ද සිල්වා එළඹෙන ජනාධිපතිවරණයට

මාර් 09, 2021

    බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට එරෙහි දූෂණ සහ අපරාධ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ.

    ඒ අනූව, ඔහුට ලබන වසරේ බ්‍රසීල ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බ්‍රසීල හිටපු ජනාධිපතිවරයා මාස 18ක් බන්ධනාගාරගතව සිටියේය. ඔහු පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දීමට දින කිහිපයකට පෙර බන්ධනාගාරගත කෙරුණු අතර ඒ හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහුට හැකිවූයේ නැත.

    වාමාංෂික දේශපාලනඥයෙක් වන ලූලා ද සිල්වා ඉහළ ජනප්‍රසාදයක් දිනා සිටින රාජ්‍ය නායකයෙක් ලෙසයි, වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 09 මාර්තු 2021 12:44

    Latest News