ඉම්රාන් ඛාන් යළි එරට පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගනී

මාර් 06, 2021

    පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යළි එරට පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමට අද සමත්විය.

    ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවේදී අගමැතිවරයාට පක්‍ෂව ඡන්ද 178ක් ලැබී තිබිණ. ඉම්රාන් ඛාන් අගමැතිවරයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සිදු වූයේ ඉකුත් දා පැවති සෙනෙට් මණ්ඩල මැතිවරණයකදී ඔහුගේ පක්‍ෂයට අත් වූ පරාජයත් සමඟයි.

    එම යෝජනාවෙන් ජය ගැනීමට නම් ආසන 342කින් සමන්විත පාර්ලිමේන්තුවේ ඡන්ද 172කට වැඩි සංඛ්‍යාවක් දිනාගත යුතුව තිබිණ. අගමැතිවරයාට පක්‍ෂව ඡන්ද 178ක් ලැබුණු අතර, විපක්‍ෂ කණ්ඩායම් පාර්ලිමේන්තු ඡන්ද විමසීම වර්ජනය කිරීම විශේෂත්වයක්.

    Latest News