ඉතියෝපියාවේ මහ මැතිවරණය අද

ජූනි 21, 2021

    ඉතියෝපියාවේ මහ මැතිවරණය අද ආරම්භ විය. ඊට සමගාමීව එරට ප්‍රාන්ත බලධාරීන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ද ආරම්භ විය.

    මැතිවරණය පැවැත්වෙන්නේ, එය මීට පෙර අවස්ථා දෙකක දී කල් දැමීමෙන් අනතුරුවයි. මෙය එරට පළමු නිදහස් මැතිවරණය බවයි, අගමැති අබී අහමඩ් පවසන්නේ.

    එරට ඇතැම් ප්‍රාන්තවල අද මැතිවරණය ආරම්භ වුවත් තවත් ප්‍රාන්තවලට මැතිවරණය පැවැත්වීමට තවත් මාස ගණනාවක් ගත වනු ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    එරට පවතින ජනවර්ගික ගැටලු සහ යටිතල පහසුකම්වල දුර්වලතා ඊට හේතුවයි.

    Last modified on සදුදා, 21 ජූනි 2021 11:25

    Latest News