ඩෙල්ටා ප්‍රභේදය ලොවපුරා පැතිරයාමේ අවදානමක්

ජූනි 19, 2021

    ඉන්දියාවෙන් පළමු වරට හඳුනා ගැනුණු කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා පැතිර යාමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එහි ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍ය ස්වාමිනාදන් ඊයේ මේ බව අනාවරණය කරයි. ගෝලීය වශයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගතයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් ඇත්තේ, මෙම ඩෙල්ටා ප්‍රභේදයයි.

    ඉහළ සම්ප්‍රේෂණ වේගයක් සහිත නව ප්‍රභේදය, එන්නත් මගින් රෝගය සාර්ථකව මැඩපවත්වා ඇති රටවලට පවා දැඩි බලපෑම් එල්ල කර තිබේ.

    ඒ අනූව, බොහෝ රටවලට කොරෝනා වසංගතයේ නව රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 19 ජූනි 2021 12:40

    Latest News