චීනය ජනතාවට එන්නත් මාත්‍රා බිලියනක් ලබාදෙයි

ජූනි 21, 2021

    චීනය එරට ජනතාවට මේ වන විට එන්නත් මාත්‍රා බිලියනයක් ලබාදී තිබේ. ලබන මස අවසන් වීමට පෙර රටේ ජනගහනයෙන් 40%කට එන්නත් ලබාදී අවසන් කිරීම චීනයේ අරමුණයි.

    ලෝකයේ ලබා දුන් සියලු එන්නත්වලින් තුනෙන් එකක් චීනය විසින් තම රටවැසියන්ට ලබාදී තිබේ.

    වෛරසය සම්පූර්ණයෙන් පාලනය කිරීමෙන් අනතුරුව මේ වන විට එන්නත්කරණ වේගය යම් තරමකින් මන්දගාමී කර ඇති බවයි,විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් එන්නත්කරණය යළි වේගවත් කිරීම පිළිබඳ චීන බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. ඔවුන් ඒ සඳහා භාවිත කර ඇත්තේ තම රටේ නිෂ්පාදිත එන්නත් පමණයි.

    Last modified on සදුදා, 21 ජූනි 2021 10:48

    Latest News