ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක

ජූනි 18, 2021

    ඩෙල්ටා ප්ලස් යනුවෙන් හඳුන්වනු ලබන නවතම කොරෝනා වෛරස් ප්‍රභේදය ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට ව්‍යාප්ත වී තිබේ.

    මෙය ඉන්දියාව ඇතුළු රටවල් රැසකට මහත් හානියක් ගෙනදුන් ඩෙල්ටා වෛරස් ප්‍රභේදයෙන් විකාශය වූවක් බවයි විද්‍යාඥයන් පවසන්නේ. ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තය අද පළමු ඩෙල්ටා ප්ලස් කොරෝනා ආසාදිතයා හඳුනා ගත්තේය.

    මින් පෙර රෝගීන් හඳුනාගෙන තිබුණේ ජාකන්ඩි ප්‍රාන්තයෙන් පමණි. ඉන්දියාවේ දැනට ඩෙල්ටා ප්ලස් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම ප්‍රභේදයේ හානිදායක බව ගැන මේ දක්වා පුළුල් වශයෙන් තොරතුරු අනාවරණය වී නැතැයි විද්‍යාඥයන් පවසයි.

    එහෙත්, ඔවුන් අනතුරු අඟවන්නේ මෙය ඉන්දියාවේ මීළඟ කොරෝනා වසංගතය විය හැකි බවටයි.

    Latest News