උතුරු කොරියාවේ නියඟයට සහය පතයි

ජූනි 18, 2021

    තම රටේ ආහාර හිඟයක් මතුව ඇති බව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රකාශකර තිබෙනවා.

    ඔහු පවසන්නේ ඊට හේතුව එරටට ඉකුත් වසරේ බලපෑ අයහපත් කාලගුණ තත්වය බවයි. උතුරු කොරියාවට පසුගිය කාලයේ බලපෑ අධික වැසි හා ගංවතුර වගාබිම්වලට දැඩිව බලපා තිබෙනවා. අධික වැසි කාලගුණය වැඩි වශයෙන් බලපා තිබුණේ උතුරු කොරියාවේ දකුණු දිග ගන්ග්චොං හා හවංහී යන පළාත්වලටයි.

    නමුත් කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා උතුරු කොරියාව සිය දේශසීමාවන් වසා තැබීමට ද රට ආහාර හිඟයකට මුහුණ පෑමට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ කිම් ජොන් උන් ජ්‍යෙෂ්ඨ නායක රැස්වීමක් අමතමින් රට තුළ ආහාර හැඟීම් පිළිබඳව අදහස් පළ කර ඇති බවයි.

    Latest News