ඉන්දුනීසියාවේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද මිලියන දෙක ඉක්මවයි

ජූනි 21, 2021

    ඉන්දුනීසියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද මිලියන දෙක ඉක්මවා ගියේය.

    ඉකුත් පැය 24 තුළ පමණක් එරටින් හඳුනා ගැනුණු ආසාදිතයින් ගණන 14,000කට අධිකයි. එය ඉන්දුනීසියාවෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවයි. පවතින තත්වය හේතුවෙන් ඉන්දුනීසියාවේ පනවා ඇති සීමා තවත් දැඩි කිරීමට එරට රජය තීරණය කර තිබේ.

    බලධාරීන් පවසන්නේ ආසාදන අනුපාතය ඉහළ කලාප 29 තුළ සති දෙකක් සඳහා දැඩි රෙගුලාසි බලාත්මක කරන බවයි. එම කලාපවලට ජාවා, සුමාත්‍රා හා ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා ද ඇතුළත්. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, ඉන්දුනීසියාවේ නගර 89ක රෝහල් ධාරිතාව 70% ඉක්මවා ඇති බවයි.

    මේ මාසය තුළ වාර්තා වූ කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ ඉන්දුනිසියාවෙන් ඉල්ලා සිටියේ පනවා ඇති සීමා තවදුරටත් දැඩි කරන ලෙසයි.

    Latest News