රුසියාවේ කොරෝනා පාලන සීමා දැඩි කිරීමට පියවර

ජූනි 15, 2021

    රුසියාවේ කලාප කිහිපයකට පනවා ඇති සීමා තවදුරටත් දැඩි කිරීමට එරට බලධාරින් අද පියවර ගත්තේය.

    කොවිඩ් ආසාදිතයින් විශාල ලෙස ඉහළයාම ඊට හේතුවයි. ඉකුත් පැය 24 තුළ රුසියාවෙන් කොරෝනා නව ආසාදිතයින් 13,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගනු ලැබීය. ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වන්නේ, මොස්කව් අගනුවරින් එහි වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා දින 04ක මහජන නිවාඩු කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

    රුසියාවේ ඉකුත් පැය 24 තුළ සිදුව ඇති කොවිඩි මරණ සංඛ්‍යාව 371ක්. ඒ අනුව රට තුළ කොවිඩ් සමස්ත මරණ සංඛ්‍යාව අද වනවිට එක් ලක්‍ෂ 27,000 ඉක්මවා ගොසින්. රුසියාවෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයින් පනස් දෙලක්‍ෂ 36,000කට අධික පිරිසක් වාර්තා වී තිබේ.

    නව රෝගීන් වාර්තාවීම හමුවේ රෝහල් ධාරිතාව ඉහළ නැංවීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව බලධාරීන් පවසයි.

    Latest News