නෙතන්යාහුගේ වසර 12ක ධුර කාලය අවසන්

ජූනි 14, 2021

    ඊශ්‍රායලය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක් ඊයේ දිවුරුම් දෙනු ලැබීය. ඒ අනූව, බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12ක ධුර කාලය අවසන් විය. දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වූ නෆ්ටාලි බෙනට් ඊශ්‍රායලයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබීය.

    ඒ සුළුතරයක් වූ හිටපු අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ පක්ෂය පරාජය කරමින් එරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමත් සමගයි. ඔහුගේ පක්ෂය සමග තවත් පක්ෂ කිහිපයක් සංධානගත විය.

    බලය බෙදා ගැනීමේ ක්‍රමවේදයකට අනූව ඔහු 2023 සැප්තැම්බර් මාසය දක්වා අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නියමිතයි. කෙසේ වෙතත් දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම නව රජය බොහෝ සෙයින් අස්ථාවර බවයි.

    ඒ මෙම නව සංධානය තුළ ඇති අන්ත දක්ෂිණාංශික සහ වාමාංශික පක්ෂවල සංයුතිය හේතුවෙන්. පරාජයට පත්වීමෙන් පසු පැවති පාර්ලිමේන්තු විවාදයේ දී හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ තමා නැවතත් බලයට පැමිණෙන බවයි.

    Last modified on සදුදා, 14 ජූනි 2021 10:19

    Latest News