අවුන්සාන් සුකි අද අධිකරණයට

ජූනි 14, 2021

    මියන්මාර් හිටපු නායිකා අවුන්සාන් සුකි අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හමුදා ජුන්ටාව ඇයට එරෙහිව චෝදනා 5ක් එල්ල කර තිබේ.

    මියන්මාර හමුදාව කුමන්ත්‍රණයක් මගින් එරට පාලන බලය අත්පත් කර ගනු ලැබුවේ ඉකුත් පෙබරවාරි පළමු වැනි දිනයි.

    එතැන් සිට අවුන්සාන් සුකි පසුවන්නේ පසුවන්නේ නිවාස අඩස්සියේ. නීති විරෝධී ලෙස වෝකි ටෝකි යන්ත්‍රයක් ළග තබා ගැනීම,මැතිවරණ ප්‍රචාරණ සමයේ කොරෝනා නීති රීති උල්ලංඝනය වැනි චෝදනා කිහිපයක් ඇයට එල්ල කර තිබේ.

    යටත් විජිත සමයේ මියන්මාරයේ රහස් හෙළි කිරීම, ඇයට විරුද්ධව එල්ල වී ඇති තවත් චෝදනාවක්. එම චෝදනාවලට වරදකරු වුවහොත් 75 හැවිරිදි සුකි මහත්මියට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමි විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on සදුදා, 14 ජූනි 2021 16:27

    Latest News