ඉරාන නව ජනාධිපති, මැද පෙරදිග කලාපයට තර්ජනයක් බව ඊශ්‍රායලය පවසයි

ජූනි 20, 2021

    ඉරානයේ නව ජනාධිපති ලෙස, ඊබ්‍රාහිම් රයිසි තේරී පත්වීම මැද පෙරදිග කලාපයට තර්ජනයක් බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.

    නව ජනාධිපතිවරයා වැඩි භාර ගැනීමටත් ප්‍රථම ඊශ්‍රායලය ඔහුට එරෙහිව අන්තර් ජාතික ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර ඇති බව වාර්තාවේ. ඊබ්‍රාහිම් රයිසි, ඉරාන ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ඊයේ ප්‍රකාශයට පත් කෙරිණ. ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලිකමෙයිනිගේ වැඩි සහය හිමිවී තිබුනේ ද රයිසිටයි.

    විනිසුරුවරයෙකු ලෙස සේවය කළ ඔහු ඉරානයේ දැඩි මතධාරී ආගමික පාර්ශවය නියෝජනය කරන්නෙකු ලෙස සැලකේ. මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර දක්වන ඊශ්‍රායල රජය කියා සිටින්නේ, නව ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ඉරානයෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනය වඩාත් උග්‍රවිය හැකි බවයි.

    මේ අතර අමෙරිකාව ප්‍රකාශ කරන්නේ ඉරාන ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් නොවන බවයි. එහෙත්, ඉරාන රජය සමඟ න්‍යෂ්ටික අර්බුදය විසඳීමේ සාකච්ජා පවත්වාගෙන යන බවයි, රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉරාන නව ජනාධිපතිවරයාට සුභ පැතූ අතර, සහයෝගයෙන් ක්‍රියා කිරීමට යෝජනා කර තිබේ.

    Latest News