කොළොම්බියාවේ ගල් අඟුරු පතලක පිපිරීමකින් කම්කරුවන් 09ක් මරුට

ජූනි 13, 2021

    කොළොම්බියාවේ ගල් අඟුරු පතලක ඇති වූ පිපිරීමකින් පතල් කම්කරුවන් 09 දෙනෙකු මියගොස් තිබේ.

    තිදෙනෙකු බේරාගෙන ඇති බව වාර්තාවේ. බොයාකා ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරට හේතුව අභ්‍යන්තර මීතෙන් පිපිරීමක් බව, බලධාරින් පවසයි. ගලවා ගැනීමේ කණ්ඩායම් ඉකුත් සිකුරාදා පුද්ගලයින් 3ක් බේරා ගෙන තිබේ. පසුදින මියගිය 07 දෙනෙකුගේ සිරුරු පතලෙන් පිටතට රැගෙන එනු ලැබූ බව, එරට මාධ්‍ය වාර්තා කරයි.

    මේ අතර පතල තුළට පිරිසිදු වාතය රැගෙන යනු ලබන නල මාර්ගයක් අසළ සිරවී සිටි තවත් දෙදෙනෙකු ගලවා ගැනීමට හැකි වූ බව එරට බලධාරින් පවසයි. ජාතික පතල් කැනීම් ඒජන්සියේ අධ්‍යක්‍ෂ ජුවාන් මිගෙල් ඩුරාන් මියගිය අය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබේ.

    Latest News