බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව පන් ලක්‍ෂය ඉක්මවයි

ජූනි 20, 2021

    බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව පන් ලක්‍ෂය ඉක්මවා තිබේ.

    ලොව දෙවැනි වැඩිම කොරෝනා මරණ සහිත රට වන්නේ බ්‍රසීලයයි. බ්‍රසීලයේ කොරෝනා ආසාදන තවදුරටත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ. දිනකට දළ වශයෙන් ආසාදිතයන් 70,000ක් පමණ හඳුනාගන්නා බව, බ්‍රසීල සෞඛ්‍ය අංශ පවසයි.

    දෛනිකව එරට වාර්තා වන මරණ සංඛ්‍යාව 2,000 ඉක්මවයි. ගතවූ පැය 24 තුළ පමණක් නව ආසාදිතයන් 81,000ක් ද, මරණ 2,247ක් ද බ්‍රසීලයෙන් වාර්තා විය. එරට ජනාධිපති ජාර් බොල්සනාරෝ කොරෝනා තර්ජනය තවමත් ප්‍රතික්ෂේප කරයි. සමාජ දුරස්ථකරණය ඇතුළු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිපැදීම ඔහු සහ ආධාරකරුවන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ.

    මේ හේතුවෙන් ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රාන්ත ආණ්ඩුව විසින් නඩු පවරා තිබේ. ඉන්දියාවේ ව්‍යාප්ත වන "ඩෙල්ටා" වෛරස් ප්‍රභේදයට බ්‍රසීලයට තර්ජන එල්ල කරන බව වාර්තාවේ. බ්‍රිතාන්‍ය හා අමෙරිකාවට ද ඩෙල්ටා ප්‍රභේදයෙන් දැඩි හානි සිදුව තිබේ. ගත වූ පැය 24 තුළ බ්‍රිතාන්‍ය යෙන් නව ආසාදිතයන් දස දහසකට අධික සංඛ්‍යාවක් හඳුනා ගැණින.

    ඉන් බහුතරය "ඩෙල්ටා" කොරෝනා ආසාදිතයන් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

    Latest News