ඉරානය සමග සාකච්ජා සාර්ථකයි යුරෝපා සංගමය කියයි

ජූනි 21, 2021

    ඉරානය සමග මෙතෙක් පැවැත්වූ සාකච්ජා සාර්ථක බව යුරෝපා සංගමය පවසයි. අඩපන වී ඇති න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් නව එකඟතාවක් ඇති කර ගැනීම සාකච්ජාවල අරමුණයි.

    ඔස්ට්‍රියාවේ වියානා අගනුවර පැවැත්වෙන සාකච්ජා සඳහා 2015 වසරේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සහභාගී වූ රටවල්වලින් අමෙරිකාව හැර සෙසු සියලු රටවල් සහභාගී වී සිටියි.

    ඉරානය අමෙරිකාව සමග මේ සම්බන්ධ සෘජු සාකච්ජා පැවැත්වීම ප්‍රතික්ෂේප කළේය. ඒ 2018 වසරේ දී ඔවුන් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමත් සමගයි.

    Last modified on සදුදා, 21 ජූනි 2021 11:49

    Latest News