අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නව සූර්ය පැනලයක්

ජූනි 21, 2021

    අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නව සූර්ය පැනල ඒකකයක් සවි කර තිබේ. එම මධ්‍යස්ථානයේ විදුලිබල පද්ධතිය ඉහළ නැංවීම අරමුණයි.

    අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගඟනගාමීන් දෙදෙනෙක් විසින් පැය 6ක පමණ මෙහෙයුමකින් පසු මෙම සූර්ය පැනල පද්ධතිය සවිකර ලද බවයි නාසා ආයතනය පවසන්නේ.

    ඊට සහභාගී වී ඇත්තේ, ප්‍රංශ සහ අමෙරිකානු ගඟනගාමීන් දෙදෙනෙක්. නව පද්ධතියට අති නවීන සූර්ය පැනල 6ක් ඇතුළත් වන අතර ඒවා අඩි 60ක දිගකින් යුක්තයි.

    මේ පද්ධතියට තවත් සූර්ය පැනල 5ක් ඉදිරියේදී එක් කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 21 ජූනි 2021 12:07

    Latest News