'බොයිං 737' යළි පියාසර කරන්න සූදානම්

නොවැ 19, 2020

    බෝයිං සමාගමේ පියාසර කිරීමට තහනම් කර තිබූ "බොයිං 737 මැක්ස්" යානා වර්ගය නැවතත් ගුවන් සේවාවක් සඳහා යොදා ගැනීමට අවසර ලැබී තිබේ.

    වසර දෙකකට ආසන්න තහනම් කාල සීමාවකින් පසු එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන ආයතනය මගින් මෙම අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

    අමෙරිකානු බොයිං සමාගම විසින් නිෂ්පාදනය කරන බොයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා දෙකක් පිට පිට අනතුරට පත්වීම තහනමට හේතු වී තිබේ.

    ඉන්දුනීසියාවේ සහ ඉතියෝපියාවේ ගුවන් සමාගම් මිල දී ගෙන තිබූ 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා මෙලෙස අනතුරට පත්විය.

    2018 හා 2019 අවුරුදු තුළ මාස 5ක් වැනි කාලයක දී පුද්ගලයන් 346 දෙනෙක් මෙම ගුවන් අනතුරු මගින් මිය ගියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 නොවැම්බර් 2020 12:16

    Latest News