ඔස්ට්‍රේලියානු ලැව්ගින්න ගැන රතු එළියක්

දෙසැ 17, 2019

    ශීඝ්‍රයෙන් පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන් යළිත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඉදිරි දැඩි උෂ්ණ කාලගුණයත් සමග තවදුරටත් ලැව්ගිනි ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

    සිඩ්නි නගරය ආසන්නයේ විශාල බිම් ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් විනාශවී තිබේ. හෙක්ටයාර් හාරලක්ෂයක් පමණ විනාශ කරමින් මේවන විට ලැව්ගිනි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන බ්ලූ මවුන්ටන්ස් කලාපයට ද ව්‍යාප්තවී ඇති බවයි, වාර්තා වන්නේ.

    ඉදිරි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවිය හැකි බවයි, අනාවැකි පළ වන්නේ. ඒ හේතුවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළතම උෂ්ණත්ව අගය ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවිය හැකි බවට ද කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරයි. ලැව්ගිනි සියයකට අධික සංඛ්‍යාවක් පාලනය සඳහා එක්ව සිටින ගිනි නිවන භටයන්ට මෙම තත්වය තවත් අභියෝගාත්මක වනු ඇති බවටයි, වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 10:39

    Latest News