ගෝලීය න්‍යෂ්ටික අවි අහෝසි කිරීමේ අරමුණින් පාප් වහන්සේ ජපානයට

නොවැ 23, 2019

    අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද ජපානය බලා පිටත්ව ගිය අතර ගෝලීය න්‍යෂ්ටික අවි අහෝසි කිරීම, සංචාරයේ අරමුණ වන බව වාර්තා වෙයි.

    ජපානයේ බැංකොක් බලා පිටත්ව යන පාප් වහන්සේ දෙවන ලෝක යුද්ධයේ හිරෝෂිමා සහ නාගසාකි යන පරමාණු බෝම්බවලින් හානි වූ ස්ථාන නැරඹීමට නියමිතව තිබේ. සිය සංචාරයේ කොටසක් ලෙස පසුගිය බ්‍රහස්පතින්දා තායිලන්තයේ සංචාරයක යෙදුනු පාප් වහන්සේ තායිලන්තයේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සහ ළමයින් සූරා කෑම හෙළා දුටුවේය. හෙතෙම ඔවුන් විඳින ප්‍රචණ්ඩත්වය, අපයෝජනය සහ වහල්භාවය නපුරක් යැයි කියා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

     

     

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 11:59

    Latest News