ක්ලෝන කරන ලද සුනඛයින් චීන පොලිස් සේවයට

නොවැ 23, 2019

    චීනයේ පොලිස් සුනඛයන් සඳහා ක්ලෝන කරන ලද සුනඛයන් 6 දෙනෙකු බඳවා ගෙන තිබේ.

    බීජිං නුවර පැවති මහජන ආරක්‍ෂක කාර්යාංශයේ පොලිස් සුනඛ කඳවුරකදී මෙම නිල සුනඛයන් බලකායට බඳවා ගෙන ඇති බව වාර්තාවේ. සත්වයන්ගේ විශේෂතා, හැකියාවන් හා ස්වරූපය වැනි අංග ඒ ආකාරයෙන්ම තිබෙන තවත් සත්වයෙකු නිර්මාණය කිරීමේ සත්ත්ව පිටපත් කරණය වන මම ක්ලෝන තාක්‍ෂණය දැන් ප්‍රායෝගික තලයට පැමිණ තිබේ. පසුගිය බදාදා දින නිල සුනඛ බලකායට මෙසේ ඇතුලත් කරන ලද සුනඛයන් එකම ක්ලෝන පිටපත් වන අතර ඔවුන් සුවඳ සහ බුද්ධිය පිළිබඳව උසස් හැගීමකින් යුත් සත්වයින් වේ. මෙසේ ක්ලෝන කරන ලද සුනඛයින් වයස මාස හතරක් පමණ වන නමුත් මතකය, ධෛර්ය සහ ආක්‍රමණශිලීත්වය අනුව මාස 6ක් වයසැති සාමාන්‍ය පොලිස් සුනඛයින්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News