ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට දූෂණ චෝදනා එල්ල වේ

නොවැ 22, 2019

    ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දූෂණ චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


    එරට නීතිපතිවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අල්ලස් ලබා ගැනීම, විවිධ වංචා සිදු කිරීම සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි.

    කෙසේ වෙතත් ඊශ්‍රායාල අග්‍රාමාත්‍යවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළාය.

    ඔහු සඳහන් කර ඇත්තේ, මෙම චෝදනා තමන්ට එරෙහිව සිදු කරනු ලබන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන බවයි. තමන් ධූරයෙන් ඉල්ලා අස්නොවන බවත්, මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කල යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    පැවැති මැතිවරණ දෙකකින්ම අස්ථාවර ආණ්ඩු බිහිවුණු පසුබිමක අගමැතිවරයාට මෙම චෝදනා එල්ලවීම විශේෂත්වයකි.

    Latest News