ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ විභාගය ලබන සතියේ

නොවැ 07, 2019
    අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ පළමු විභාගය එළඹෙන සතියේ සිදු කිරීමට නියමිත බව කොංග්‍රසය නියෝජනය කරන ඩිමොක්‍රටික් සාමාජිකයින් සදහන් කරයි. එහිදී රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනෙක් පළමු සාක්‍ෂි ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
    රිපබ්ලිකන්  සහ ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් විසින් මෙම සාක්ෂි විමසීම සිදු කරනු ඇත.  අමෙරිකාවේ හිටපු උප ජනාධිපති ජෝ බයිඩින්ගේ පුත්‍රයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම යුක්‍රේන ජනාධිපතිවරයාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වේ. ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක්වන්නේ ද එම චෝදනාව යටතේ ය. කෙසේ නමුත් තමන්ට එරෙහිව එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා සදහන් කර තිබේ. 
    Last modified on බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2019 10:22

    Latest News