දිල්ලි පාසල් යළි විවෘත කෙරේ

නොවැ 06, 2019

    නවදිල්ලි අගනුවර වායු දූෂණය හේතුවෙන් වසා දමා තිබූ පාසල් අද (06) යළි විවෘත කර තිබේ.

    අද උදෑසනවන විට නවදිල්ලි නගරය ආශ්‍රිත වායු දූෂණ තීව්‍රතාව පහළ අගයක් පෙන්නුම් කරමින් වාතයේ ගුණාත්මකභාවය තරමක් ඉහළ අගයකට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව පාසල් යළි විවෘත කිරීමට තීරණය කර ඇතත්, වාතයේ ගුණාත්මකභාවය තහවුරුවන තෙක් බොහෝ පාසල්වල එළිමහන් ක්‍රියාකාරකම් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

    නවදිල්ලි නගරයේ මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගැණුනි. ඉදිකිරීම් කටයුතු තාවකාලිකව තහනම් කිරීමට මෙන්ම අධික දුම නිකුත් වන පෞද්ගලික රථවාහන භාවිතය සහ කැළිකසල අවිධිමත් ලෙස පිළිස්සීම වැනි ක්‍රියා සීමා කිරීමට ද පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 15:20

    Latest News