අහස උසට නැගි නෙළුම් කුළුණ අද ජනපති විවෘත කරයි

සැප් 16, 2019

    දකුණ ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ අද විවෘත කෙරෙයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

    නෙළුම් කුළුණ ඇතුල්වීමේ දොරටු 4කින් සමන්විතයි. වර්ග අඩි ලක්ෂයකින් සමන්විත පහත කොටස වෙළඳ කටයුතු සඳහා භාවිත කිරීමටයි, සැලසුම් කර ඇත්තේ. කුළුණේ විදුලි සෝපාන 5ක් පවතියි. තත්පරයට මීටර් 7ක් ගමන් කරන සෝපාන 3ක් හා තත්පරයට මීටර් 5ක ගමන් වේගයක් සහිත සෝපාන 2ක් ඊට ඇතුළත්. නෙළුම් කුළුණේ ඉහල කොටසේ පළමු මහල් 2ක රූපවාහිනී සහ ගුවන්විදුලි පාලක මැදිරි ඉදිකිරීම සඳහා භාවිත කෙරෙයි.

    ඊට ඉහළ මහලේ 350කට සහභාගී විය හැකි ශාලා 2ක් හා පුද්ගලයින් 250කට පමණ පහසුකම් සැපයෙන කැරකෙන අවහන්හලකින් සමන්විතයි. නවීන පහසුකම් සැපයෙන කැරකෙන අවන්හලකින් සමන්විතයි. නවීන පහසුකම් සහිත සුඛෝපබෝගී කාමර 6ක් ද එහි ඉදිකර තිබෙනවා ඊට ඉහළින් තිබෙනවා ඊට ඉහළින් ඇත්තේ නැරඹුම් ප්‍රදේශයයි.

    සියලුම සන්නිවේදන උපකරණ සවිකිරීමට හැකිවන අයුරින් කුළුණ ඉදිකර තිබේ. අමෙරිකානු ඩොලර් මිලියන 104ක ආයෝජනයෙන් ඉදිකර ඇති නෙළුම් කුළුණ මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයට සහ සංචාරක කර්මාන්තයට එලදායී ලෙස යොදා ගැනීම රජයේ අපේක්ෂාවයි.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 07:45

    Latest News