කැළණිය සරසවිය යළි ඇරඹේ

ජූනි 06, 2019

    තාවකාලිකව වසා දමා තිබූ කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ කෙරේ.

    විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මක වන ආරක්ෂක වැඩපිළිවෙළකට සිසුන් පිරිසක් විරෝධය දැක්වීම නිසා ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් විද්‍යා පීඨය හැර සෙසු පීඨ පසුගිය 30 වැනිදා වසා දැමිණ.

    ශිෂ්‍ය මධ්‍යස්ථානය, ආපනශාලා,දේශනශාලා සහ විද්‍යාගාර රාත්‍රී 9.00ට වසා දැමීමට තීරණය කර තිබේ.

    එබැවින් රාත්‍රී 9.00ට පෙර එම ස්ථානවලින් ඉවත්වී ආරක්ෂක කටයුතුවලට සහය ලබා දෙන ලෙස දැනුම්දීමෙන් අනතුරුවයි. එහෙත් සිසුන් පිරිසක් මෙම තීරණයට එකඟ නොවීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උදාවීම හේතුවෙන් විශ්ව විද්‍යාලය වසා දැමිණ.

    Latest News