පේරාදෙණිය - රුහුණු වැසූ පීඨ අද යළි ඇරේ

ජූලි 29, 2019

    නවතා දමා තිබූ පේරාදේණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ හා රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක සහ අධ්‍යයන කටයුතු අද (29) ආරම්භ කෙරේ.

    විශ්වවිද්‍යාල සිසුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය අතර ඇති වු ගැටළුකාරී තත්වයක් හේතුවෙන් රුහුණු සිරසවියේ, වැල්ලමඩම පරිශ්‍රය පසුගියදා වසා දැමුණි.
    ඒ අනුව රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය අධ්‍යයන කටයුතුද අද යළි ආරම්භ වනු ඇති.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ සිසුන් සහ පාලනාධිකාරිය අතර හටගත් නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් එම පීඨය ද පසුගිය 19 වැනිදා වසා දැමිණ.එම සරසවියේ ද කළමණාකරණ පීඨයේ අධ්‍යන කටයුතු අද යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

    Last modified on සදුදා, 29 ජූලි 2019 08:01

    Latest News